ආණ්ඩුව සමඟ ඇතිකරගත් එකඟතාවක් මත ආරම්භ කළ රජයේ සහල් සහනාධාර වැඩසටහන අතරමඟ නවතා වෙනත් ගිවිසුමක් යටතේ එම වැඩසටහන සිදුකිරීමට රජය කටයුතු කරමින් සිටින බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති යූ.කේ.සේමසිංහ මහතා සඳහන් කළේ එම රජයේ නව ගිවිසුමට සිය සංගමය එකඟ නොවන බවයි.
එමෙන්ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඉතා අඩු මුදලකට වී මිල දී ගෙන ඉදිරියේ දී සහල් වැඩි මිලට අලෙවි කරනු ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.
එහි සභාපති  අනුරාධ තෙන්නකෝන් මහතා කියා සිටියේ සහල් ආනයනය කිරීමට රජය කටයුතු නොකරන බවට ප්‍රකාශ කළ ද ඉදිරියේදී සහල් ආනයනය කරනු ඇතැයි වාර්තා වන බවයි.
මේ අතර, වී මිල ඉහළ ගියහොත් සහල් මිල කුමන අගයක් ගනීදැයි ඒ සම්බන්ධයෙන් හඬ නඟන පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content