මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා .

ඒ අනුව දෙසැම්බර් මාසයේ සිට අදාල ප්‍රමිති සහතිකය ලබා ලබාගැනීම අනිවාර්ය බව ජාතික කුළුබඩු සංස්ථාවේ සභාපති කුමුදිනී ආර්යා ගුණසේන මහත්මිය සඳහන් කළා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසුවේ ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබුනැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිත කරන අතර ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ස්පයිසි සන්නාමයට බරපතල හානි සිදු කර ඇති බවයි.

WhatsApp Group

Skip to content