දුප්පත්කම හෝ වෙනත් කරුණු මත සුළු වැරදි සිදු කරන පුද්ගලයින් බන්ධනාගාර ගතකරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීම වැනි දඬුවමක් ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමු ව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ සුළු වරදක් කරන පුද්ගලයින් සිරගත කරනවා වෙනුවට බැඳුම්කරයක් අත්සන් කර අදාල පුද්ගලයා ඔහුගේ දෙමාපියන් හෝ ඥාතියකුට භාරදීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම සුළු වරදක් කරන ලද පුද්ගලයින් සිරගත කරනවා වෙනුවට විදෙස් රටවල මෙන් එම පුද්ගලයින්ගේ සිරුරට චිප් එකක් සවිකර ඔවුන් යන එන ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය යොදා ගැනීමට ද බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content