නෝටන්බ්‍රීජ් (විදුලිපුර) නඟරයට තවත් සුරා සලක් නොව ජංගම සුවසැරිය ගිලන් රථයක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ තරුණ ප්‍රජාව ඇතුළු මහජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියා.

ප්‍රදේශවාසී ජනතාව එම ඉල්ලීම කර ඇත්තේ, නෝටන්බ්‍රීජ් නඟරය ආසන්නයේ, ඇඩිට් හන්දිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා නව සුරා බදු බලපත්‍රයක් ලබා දීමට වගකිවයුත්තන් පියවර ගැනීමත් සමගය.

නෝටන්බ්‍රීජ් පොලිස් බල ප්‍රදේශයේ අතිශය දුෂ්කර ගම්මාන හා තේවතු රැසක දහස් ගණනක් ජනතාව දිවි ගෙවති. ඒ අතර දිළිඳු හා වතු කම්කරු පවුල් රැසක් සිටිනවා. වසර ගණනක් තිස්සේ අවම පොදු අවශ්‍යතාවයන් මධ්‍යයේ හා දැඩි ආර්ථික අපහසුතාවයන් නිසා පීඩා විඳිමින් දිවි ගෙවන තමන්ට තවත්  මත් වතුර හලකට වඩා හදිසියේ රෝගී වූ අවස්ථාවක නිවස තුලම මිය යාමට ප්‍රථම සුව සැරිය ගිලන් රථයක් ලබා දෙන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව නෝටන්බ්‍රීජ් ප්‍රදේශයේ තරුණ ප්‍රජාව ඇතුළු ජනතාව ඉල්ලා සිටියා.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්,ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති  ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර යන ශ්‍රී ලංකාවේ ආර්ථික  ප්‍රධානතම ජලවිදුලි බලාගාර 03 ක් නෝටන් බ්‍රීජ් පොලිස් වසම තුල පිහිටා ඇත.

රටේ අතිශය වැදගත් ප්‍රදේශයක් වුවත්, මාර්ග, රෝහල්, ප්‍රවාහන, බැංකු පහසුකම් නොමැතිව තමන්  වසර ගණනක් තිස්සේ දරුවන් සමග පීඩාවට පත්ව සිටින බව පවසන නෝටන්බ්‍රීජ් ප්‍රදේශයේ ජනතාව, සුරා සලකට ප්‍රථම එම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයන් සපුරා දෙන ලෙස දේශපාලනාධිකාරියෙන් ඉල්ලා සිටන බව කියා සිටියා.

WhatsApp Group

Skip to content