මෙම වසරේ ගත වූ මාස 06 තුළ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා වැටලීම් 20,121 ක් සිදු කර ඇත.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුද්ගලයින් 20,121ක් එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 2687ක් ද සිටින බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිසට නඩු පැවරීමෙන් පසුව මිලියන 82ක් දඩ මුදල් ලෙස පනවා ඇති බව සඳහන්.

වැටලීමවලින් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මහජනතාව විසින් 1983 අංකය හරහා ලබාදුන් තොරතුරු මත බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content