සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියේදී පිස්තෝල ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නාවික හමුදාවේ සහය ඇතිව  මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිලදී ගැනීමට කටයුතු කරන බවයි  සුරාබදු දෙපාර්තමේන්තුවේ  මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා  සඳහන් කලේ.

ඒ මහතා කියා සිටියේ නිලධාරින්ගේ ආරක්ෂාව සනාථ කර ගැනීමට කාලනුරූපීව ගිනි අවි භාවිත කිරීම අවශ්‍ය බවයි.

WhatsApp Group

Skip to content