අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවත්, ඔවුන් විදේශගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ. ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කරනු ලැබ සිටිනවා.

WhatsApp Group

Skip to content