ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුර්යකුමාර් යාදව්ට පවරා තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා නිමාවු ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියෙන් පසුව විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.

ඒ අනුවයි ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සුර්ය කුමාර යාදව්ට ලබාදීමට තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content