එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය තව සුළු මොහොතකින් ආරම්භ වනවා. ඒ, නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ක්‍රීඩා කළ තරග 3 ම ජයග්‍රහණය කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය වටයේ තරග ද ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තරඟාවලියේ පළමු තරගයට පෙර පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියේ දී යි චමීර දකුණු උරහිසෙහි ආබාධයකට ලක්වුණේ. ඒ හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැති මූලික වටයේ සියලු තරග ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු එම ආබාධයෙන් තවමත් සුවය ලබමින් සිටින බැවින් ඉදිරියේදී යළි ශ්‍රී ලංකාව බලා ගෙන්වා ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

චමීර වෙනුවට සංචිතය සඳහා ඩිල්ෂාන් මධුශංක ආදේශ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content