එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.
ඒ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.
සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර සුපිරි 6 දෙනාගේ වටයේ ඊයේ පැවති පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 14 ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ ඕමාන කණ්ඩායම පරාජයට පත් කරමින්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 332ක් රැස් කළ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 318ක් පමණයි.

 

WhatsApp Group

Skip to content