සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය සෑම සෙනසුරාදා දිනකදීම ද ධාවනයට කරවීමට තීරණය කර තිබෙනවා.

ඉරිදා දිනයන්හි පමණක් ධාවනය වු සීතාවක ඕඩිසි දුම්රිය අගෝස්තු මස 05 වනදා සිට සෙනසුරාදි දිනවලදී ද ධාවනය වනු ඇති.

ශනිදා සීතාවක දුම්රියද කොළඹින් පෙරවරු 7.15ට ගමන් ආරම්භ කරනු ලබන අතර, එය ඉරිදා දිනයන්හි මෙන් පස්වරු 5.10ට යළි වග දුම්රිය ස්ථානයෙන් දුම්රිය ආපසු කොළඹ බලා ගමන් කෙරෙනවා.

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් බස්නාහිර පළාතේ අප්‍රකට සංචාරක ස්ථානයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ දුම්රිය යොදා ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content