ඉතාලියේ සිසිලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වී තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේදී එම යාත්‍රාවේ මගීන් 22 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

එහිදී එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව තිබුණා.

අතුරුදන් වූ පුද්ගලයින් අතර ප්‍රංශ , අයර්ලන්ත , නවසීලන්ත මෙන්ම බි්‍රතාන්‍ය ජාතිකයින්ද වන බවයි එරට මාධ්‍ය සදහන් කලේ.

මෙම අනතුරින් බේරාගත් 15 දෙනෙකුගෙන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර අදාළ ශ්‍රි ලාංකිකයාද ඒ අතරට අයත්.

අදාළ මුහුදු ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම යාත්‍රාව පෙරලිමකට ලක්වී ඉන් අනතුරුව ගිලීමකට ලක්ව තිබුණා.

මෙම යාත්‍රාවේ ගමන්ගත් පිරිස සිසිලියේ නිවාඩුවක් ගත කළ සංචාරකයින් පිරිසක් වන අතර, ඒම යාත්‍රාව බි්‍රතාන්‍ය ධජයක් යටතේ යාත්‍රා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content