සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී ඇති බව සීදූව පොලීස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක මහතා පවසයි.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවට පොලීසිය සැක පල කරයි.

එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.

ඝාතනය සිදුවූ 13 වැනිදා රාත්‍රි මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට බෝඩිං කාමරයේ හිමිකරු දැක තිබුණා.

එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට පාපොච්චාරණය කර ඇති බව සීදූව පොලීසිය පවසනවා.

රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ඝාතනය කර තිබුණේ, පසුගිය 13 වනදා රාත්‍රියේදියි.

එලෙස ඝාතනය කර තිබුණේ අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවක්.

සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සීදූව පොලිසිය විසින් කිරීමට ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content