සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගොල්ලාගම මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තාවන්නේ.
අදාල කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ද සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සීදූව පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content