මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා

අද අලුයම 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන් .

වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා තිබෙනවා .

වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන බව ද වාර්තා වනවා.

https://www.vnews.lk/storage/2023/09/SEETHA-EDIT-.mp3?_=1

මේ අතර සිතා ඇතින්නට වනජීවී නිලධාරීන් විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.සී. සූරියබණ්ඩාරගේ අත්සනින් යුතුවයි අදාළ නිවේදනයක් නිකුත්කර ඇත්තේ.

එම නිවේදනය දැක්වෙනේ වනජීවී නිලධාරීන් විසින් වන අලි පලවාහැරීමේ අරමුණින් රබර් උණ්ඩ යොදාගෙන සිදුකළ වෙඩි තැබීමක දී පෙරහැරට සහභාගී කරවීමට රැගෙන ඇවිත් සිටි හීලා ඇතින්නකට වැදී තුවාල සිදුව ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

WhatsApp Group

Skip to content