සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට ජනතාවට විවෘත වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, ඊ.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ‘වග‘ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බවයි.

ආසන 44 බැගින් වූ වායු සමනය කළ මැදිරි 02ක් , මෙහි පවතින බව ඔහු සදහන් කළා.

එමෙන්ම ආසන 44 බැගින් වූ සාමාන්‍ය මැදිරි 03ක් හා ආසන 74කින් සමන්විත එක් මැදිරියකින් ඔඩිසි දුම්රිය සමන්විතයි .

WhatsApp Group

Skip to content