තාවකාලිකව අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි සති අන්ත දිනවල ධාවනයට එක් කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසනවා.

එය තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ පසුගියදා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව මෙම දුම්රිය හෙට සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ධාවනය කෙරෙන අතර, හෙට උදෑසන 8.25 ට කොළඹ කොටුවෙන් එය ගමන් ආරම්භ කරනු ඇති.

එය පස්වරු 6.50 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් යළි කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතයි.

WhatsApp Group

Skip to content