සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුව අවසානයට පෙර නිම කිරීමට සැලසුම්කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ පහසුකම් සැපයීම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක්ද පත්කර ඇති බව සඳහන්.
2019 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවුනා.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තුගත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30ක්.

සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරෙනවා

WhatsApp Group

Skip to content