පාසැල් සිසුවියකට ලිංගික අතවරයක් සිදු කිරීමේ චෝදනාවකට කිතුල්ගල පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩතහනම් කොට තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක ගමන් ගත් 18 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කිරීමේ චෝදනාවකට අදාළ පොලිස් පරීක්ෂකවරයා යටියන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බවයි.

මෙම සිදුවීමට මුහුණ දුන් සිසුවිය තමන්ට සිදුවූ මෙම හිරිහැර සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයාට දැනුම්දීමෙන් අනතුරුව කොන්දොස්තරවරයා සිසුවියගෙන් ඇයගේ පියාගේ ජංගම දුරකථන අංකය ගෙන මේ බව ඔහුට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, මූලික විමර්ශනයකින් අනතුරුව සීතාවකපුර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අදාළ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය පවසන්නේ සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් පරීක්ෂකවරයා රුවන්වැල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි .

WhatsApp Group

Skip to content