ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දී එක් දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා පෙබරවාරි මස 28 වන දා දක්වා රැදවුම් මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා.

පසුගිය 14 වන දා සිදු වූ මෙම සිදුවීමෙන් මියගියේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු සිද්ධිය සිදු වූ දිනම අත්අඩංගුව ගත් අතර අනික් සිසුවා පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අංඩගුවට ගත් සිසුන් තිදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බවටයි වාර්තා වන්නේ.

නිවස ආසන්නයේ වෙළදසැලකට ගොස් එමින් සිටි මෙම විරාජ් නැමැති පුද්ගලයා යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂික හිස්වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන්ට සිදු කරන ලද අවවාදයක් හේතුවෙනුයි මෙම බහින් බස් වීම සිදුව ඇත්තේ.

පසුව ආරක්ෂක හිස්වැසුම්වලින් මෙම විරාජ් නැමැති පුද්ගලයාට පහර දී ඇති බව සදහන්. බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පසුව සිදු කරන ලද විමර්ශන අනුව මෙම සිසුන් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගිය පුද්ගලයා පෞද්ගලික ආයතනය සේවය කරන අයෙකු වන අතර ඔහුගේ බිරිඳ වෘත්තීයෙන් ගුරුවරියක වනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් එම ගුරුවරිය ඉගැන්වීම් කටයුතු සිදු කරන පාසලේම සිසුන් බවද වාර්තා වනවා.

ඔහුට මාස 11ක දැරියක් ද සිටින බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content