ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක බලකාය පසුගිය තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී දායකත්වයක් දැක් වූ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ සමාජයේ යහ පැවැත්ම උදෙසා අතිශය වැදගත් කාර්‍යභාරයක් සිදු කරනු ලබයි.
ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් සුවිසල් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් නිවසක් නොමැති සාමාජිකයන් හට නිවසක් ඉදිකර ගැනිමටත් පවතින නිවාස වල අලුත්වැඩියා කටයුතු සිදු කර ගැනීමටත් අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබා දීමට රජයේ තීන්දු කොට ඇත. මෙහිදී පලමු අධියර යටතේ සාමාජිකයන් 100 දෙනෙකු සඳහා මෙම වැඩපිලිවෙල යටතේ සහන සැලසෙනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.
තවද, වසර ගණනාවක සිට සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් විසින් සිදු කල ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සදහා දැනට රු.350 ක් ලෙස ලැබෙන දෛනික සලාක දිමනාව රු.500 ක් දක්වා ඉහල නැංවීමට රජයේ තීන්දු කොට ඇත. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඔවුනට ලැබෙන දෛනික සලාක දීමනාව ප්‍රමාණවත් නොමැති බව සලකා බැලීමෙන් අනතුරුව මෙම සලාක දීමනා අගය වැඩිකිරීමට රජය තිරණය කර ඇති අතර, එමගින් යම් මට්ටමකට ඔවුන්ගේ ජිවන තත්වය ස්ථායි කර ගැනිමට පිටුවහලක් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මෙහිදී තවදුරටත් ප්‍රකාශ කලේය.

WhatsApp Group

Skip to content