දඹුලු රජමහ විහාරය ඉදිරිපිට මල් අලෙවි කරමින් ජීවත් වූ සිව් දරු මවක් දඹුල්ල තුඹකරවිල වැවේ මල් කැඩීමට ගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල නව පාදෙණිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්.තලතා සීමති ප්‍රේමසිරි (52) හැවිරිදි සිව් දරු මවක්.

මල් නෙළීම සඳහා ටියුබ් එකකින් ගමන් කරමින් සිටියිදී එම් ටියුබ් එක පෙරැළි දියේ ගිළී මෙම කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ගොඩගෙන දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

රෝහල් ගත කරන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කලේ.

WhatsApp Group

Skip to content