සිල්වර් ස්ප්‍රිට් නෞකාවෙන් සංචාරකයින් 438 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

එම නෞකාව ඇමරිකාවේ සිල්වර් සී කෘස් සමාගමට අයත්වන අතර එය දිගින් මීටර 211 ක් සහ පළලින් මීටර 27 ක්.

නෞකාවේ කාර්ය මණ්ඩලය සේවකයින් 450 දෙනෙකුගෙන්ද සමන්විතයි.

වරාය, නාවිකා හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කළේ එම සංචාරකයින් අද දිනයේත් කොළඹ අවට ප්‍රදේශන්හි සංචාරය කරනු ලබන බවයි.

අනිද්දා දිනයේ ඔවුන් ත්‍රිකුණාමලය බලා ගමන්කර තායිලන්තය බලා පිටත්ව යනු ඇති.

WhatsApp Group

Skip to content