බන්ධනාගාරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නර්ගීස් මොහොම්මදී 2023 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබෙනවා.

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇය කළ මෙහෙවර උදෙසායි මෙම නොබෙල් සාම ත්‍යාගය ඇයට පිරිනමා ඇත්තේ.

ඉරාන පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය මාසා අමීනි වෙනුවෙන් යුක්තිය ඉල්ලා නර්ගීස් එරට වීදි සටන් ආරම්භ කළා.

පසුව ඇයව ඉරාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර තිබුණා.

නොබෙල් සාම ත්‍යාග කමිටුව සදහන් කළේ ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන නොබෙල් සාම ත්‍යාග ප්‍රධානෝත්වය සදහා සහභාගි වීමට ඇයට නිදහස හිමිවනු ඇති බවයි.

WhatsApp Group

Skip to content