රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකර තිබෙනවා.

සුරේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසිනුයි මෙම පෙත්සම ගොණුකර ඇත්තේ.

එළඹෙන ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි අදාළ පෙන්සම මගින් ඉල්ලා තිබෙනවා.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content