පල්ලෙකැලේ සිර කඳවුරෙන් පළාගිය රැදවියෙකු දියේ ගිලි අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම රැදවියා මහවැලි ගගට පැන යාමේදී මෙලෙස දියේ ගිලි අතුරුදන්ව ඇති බවයි.

මොහු හෙරොයින් ලග තබා ගැනීමේ වරදකට බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයෙක්.

නාවික හමුදාවේද සහය ඇතිව දිය ගිලී අතුරුදන් රැදවියා සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content