රජය විසින් සිදු කිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලින් ලබා ගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සදහා දින නියම කර තිබෙනවා.

අදාළ පෙත්සම් අද දින කැදවනු ලැබූ අවස්ථාවේදී ඊට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සදහා කාලය ලබා දෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

ඒ අනුව අදාළ ඉල්ලීම සලකා බලමින් අධිකරණය නියෝග කළේ සියලු පෙත්සම් එළඹෙන 27 වන දා දින යළි කැඳවන ලෙසයි.

 

WhatsApp Group

Skip to content