දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමි වීම යන පාරිසරික ගැටළුවලට විසදුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වන බව ජනාපධිති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ පැවති ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරියේ 05 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින අතර දේශගුණ විපර්යාස , ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දුෂණය යන මෙම ත්‍රිත්ව අර්බුද හමුවේ මනුෂණ වර්ගයා ඇතුළු සියලු ජීවින් සිය පැවැත්ම පිළිබද දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටින බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

මෙම සමළුවට එක්ව සිටි ඉරානයේ උප ජනාධිපති හා ඉරානයේ පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අලි සලාජෙග් මහතා සහ ජනාධිපතිවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා ද ඊයේ පැවැත්වුණා.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට දෙරටේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබද සහ සාමුහිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content