බස්නාහිර පළාතේ පාසල්වලින් සියයට 70 ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ පසුගිය දිනවල සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව එය තහවුරු වූ බවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සියලුම මදුරුවන් බෝවන ස්ථාන සොයා විනාශ කිරීමේ බලය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content