දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේධී සේවක අර්තසාදක අරමුදලේ සියයට 09 පොලී අනුපාතය ආරක්ෂා කිරීම සදහා සේවක අර්තසාදක පනතට සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වෘත්තීය සමති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ අනුව කඩිනමින් එම සංශෝධනය ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content