සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

අද පස්වරු 6.15 ට ඔවුන් දිවයිනට ළඟාවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරග 3 ක් සහ 20 යි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය ජනවාරි 6, 8 සහ 11 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

20 යි 20 තරගාවලිය ජනවාරි 14, 16 සහ 18 යන දිනවලදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content