2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ඊයේ අහිමි වුණා.

ඒ, ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 26 වැනි තරගයේ දී ස්කොට්ලන්තය හමුවේ ලකුණු 31 කින් අනපේක්ෂිත ලෙස ලැබූ පරාජයත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 234ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 203ක් පමණයි.

 

 

 

 

 

WhatsApp Group

Skip to content