සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව තීරණය කලේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා.

එහිදී නායක සිකන්ඩ රාසා පන්දු 42 කින් ලකුණු 62 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්. පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 16 කට කඩුලු 2 ක් සහ වනිදු හසරංග ලකුණු 19 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 7ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමටයි සමත් වුනේ .

වසර තුනකට පමණ පසු 20යි 20 ජාත්‍යන්තර පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 38 කින් ලකුණු 46 ක් සහ හිටපු නායක දසුන් ශානක පන්දු 18 කින් නොදැවී ලකුණු 26 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ,මෙලෙස ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී සිකන්ඩා රාසා ලකුණු 13 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා . බ්ලෙසින්ග් මුසරබානි කඩුලු 2 යි .තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් හට හිමි වුණා .

WhatsApp Group

Skip to content