සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම් හල් 50 ක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිතයි.

එමෙන්ම මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සහ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන පිරවුම්හල් 150 ක් සමග ගිවිසුම්ගත වෙමින් වෙළදාම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයන් සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුන් කරමින් ඊයේ උත්සවයක් ද සංවිධානය කරනු ලැබුවා.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙරට ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/09/KANCHANA-WIJESEKARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content