වසර 200 කට වැඩි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පාරම්පරික පවුලකින් පැවත එන සිද්ධාලේප සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති දේශීය වෛද්‍ය රන් සම්මාන උලෙළෙදී සම්මාන 4 කට පාත්‍ර වී තිබෙනවා.

එහිදි වසරේ දේශීය ව්‍යවසායකත්වයට හිමි රන් සම්මානය ද, වසරේ හොදම ආයුර්වේද නිෂ්පාදනයට හිමි රන් සම්මානය සහ වසරේ හොදම දේශීය ඖෂධ සදහා වූ රෝහලට හිමි රන් සම්මානයට ද පාත්‍ර වී තිබෙනවා.

එමෙන්ම වසරේ හොඳම සුවතා සේවා සපයන්නාට හිමි රිදී සම්මානය ද සිද්ධාලේප සමූහ ව්‍යාපාරය විසින් හිමිකරගනු ලැබුවා. ආයුර්වේද වෛද්‍ය පරම්පරාවකින් පැවත එන වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය හෙන්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතා විසින් 1934 වසරේදී සිද්ධාලේප ව්‍යාපාරය ආරම්භ කළා.

විශේෂඥ වෛද්‍ය හෙන්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතාගෙන් අනතුරුව ඔහුගේ පුත් වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ විසින් මහා පරිමාණයෙන් මෙම ව්‍යාපාරය වඩාත් දියුණු තත්ත්වයකට ගෙන එන ලද අතර මේ වන විට අදාළ ව්‍යාපාරය යටතේ නිෂ්පාදන 150 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය වනවා.

එමෙන්ම මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් මේ යටතේ ජනතාවට උදා වී ඇති අතර මෙටට විශාල විදේශ විනිමයක් ගෙන ඒමට ද සිද්ධාලේප ආයුර්වේද සමාගම සමත්ව තිබෙනවා.

මේ අනුව ආයුර්වේද ක්ෂේත්‍රයට කරන ලද දායකත්වය අගයමින් ඔහුගේ පුත් වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා 1990 වසරේදී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දේශබන්දු ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා.

WhatsApp Group

Skip to content