10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි දරුවෙකු වස පානය කර පාසලට පැමිණ තිබෙනවා.

මෙසේ වස පානය කර ඇත්තේ හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු බවටයි අප වාර්තාකරු සඳහන් කලේ.

අදාළ සිසුවාගෙන් යම් දුර්ගන්ධයක් වහනය වන බවට ඔහුගේ මිතුරන් විසින් ගුරුවරුන්ට දැනුම් දී ඇති අතර එයින් සිත්තැවුලට පත්ව ඔහු වස පානය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව අදාළ සිසුවා ප්‍රතිකාර සඳහා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

කෙසේ වෙතත් වස පානය කළ සිසුවා රෝහලේ වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු තමන්ට සහ තම නැගණියට නිරන්තරයෙන් බැණ වදින බැවින් එය ඉවසා ගත නොහැකි වීම හේතුවෙන් මෙලෙස වස පානය කර පාසලට පැමිණි බවයි.

WhatsApp Group

Skip to content