ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සදහා අයෝජනය කිරීමට එක්වන ලෙසයි ජනාධිපතිවරයා සිංහල සහ දෙමල ඩයස්පොරාවන්ගෙන් ඉල්ලා ඇත්තේ.

කොළඹදී පැවැති ආර් අයි ටී අලස් අනුස්මරණ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රට දියුණු කිරීම සදහා එක්වීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බවයි.

https://www.vnews.lk/storage/2023/11/RANIL-EDIT-3.mp3?_=1

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ මාලදිවයින බලා පිටත්වගොස් තිබෙනවා.

පසුගියදා පැවැති මාලදිවයිනේ ජනාධිපතිවරනයෙන් ජයගත් මොහොමඩ් මුයිසු මහතාගේ පදවි ප්‍රාප්තිය සදහා එක්වීමට ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

WhatsApp Group

Skip to content