2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිව්වන තරඟයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 06ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා.

කාසියේ වාසිය දිනා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 77ක් පමණයි.

මෙය විස්සයි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් සහා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16ක් රැස් කළා.

මෙහිදී පිතිකරුවන් 08 දෙනෙකුට ලකුණු 10 සීමාව හෝ පසුකර යෑමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
එහිදී ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් ගණන 4ක්.

පන්දු යැවීමේදී අන්රික් නොකියා ලකුණු 7ට කඩුලු 4ක් බිඳ හෙළුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා ගනිමි තරඟය ජයග්‍රහණය කළා.

එහිදී ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 27ක් සහ හෙන්රිච් ක්ලාසන් නොදැවී ලකුණු 19ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී නායන වනිඳු හසරංග ලකුණු 22ට කඩුලු 2ක් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content