උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගය ලෙස සැලකෙන හැටන් සිංගිමලේ දුම්රිය මාර්ගය තුල රාත්‍රි කාලයේ වැහිලිහිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරම යලිත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

සිංගිමලේ දුම්රිය උමං මාර්ගය තුල විශාල වශයෙන් වැහිලිහිණියන් කුඩු බැද බිත්තර දමා ඇති අතර , ඇතැම් කුඩුවල පැටවුන්ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රාත්‍රි කාලයේ උණ බට වලින් සකස් කරන ලද දිගු ඉණිමගක් රැගෙන විත් දුම්රිය නොපැමිණෙන වේලාවන් වල වැහිලිහිණි කුඩු කඩා ඒවා තුල තිබෙන බිත්තර සහ පැටවුන් දුම්රිය මාර්ගයට දමා වැහිලිහිණි කුඩු රැගෙන ගොස් සංචාරක හෝටල් වලට අධික මිලකට අලෙවි කරනු ලබන බව සඳහන්.

එම දුම්රිය උමං මාර්ගයේ දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේ උමං මාර්ගයට පිටතින් පිහිටි තේ වතු වල පදිංචි වතු කම්කරුවන් ගමන් කරන අතර , එම ජනතාවද බිය ගන්වා වැහිලිහිණි කුඩු කැඩිමේ ජාවාරමේ නිරතව සිටින පුද්ගලයන් ජයටම මෙම ජාවාරම සිදු කරනු ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

WhatsApp Group

Skip to content