සිංගප්පූරු ජනාධිපතිවරයා ලෙස තර්මාන් ෂන්මුගරත්නම් තේරීපත්ව තිබෙනවා.

ෂන්මුගරත්නම් 70. 4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා.

පාලක පීපල්ස් ඇක්ෂන් පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔහු ආර්ථික විද්‍යාඥයෙකු ද වනවා. ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඔහු හිටපු උප අගමැතිවරයෙකු මෙන්ම මුදල් සහ අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙසද කටයුතු කළා.

66 හැවිරිදි ඔහු සිංගප්පූරුවේ උපත ලබා තිබුණද ඔහුගේ සීයා ශ්‍රී ලාංකිකයෙකු බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content