අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනුයි අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

ඒ සඳහා පත් කළ කමිටු වාර්තාව හෙට ලැබීමට නියමිතයි.
මේ අතර 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් හෙට දින සිට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
හෙට පෙරවරු 6.00 සිට විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීම ඔන්ලයින් අයදුම්පත් ලබා ගත හැකියි.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි 05වනදා බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිවේදනය කරන්නේ .

WhatsApp Group

Skip to content