අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි අද පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසී ය.

ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවන විට දී උසස් පෙළත් 18 වැනි විය ඉක්මවද්දී පාසල් අධ්‍යාපනයත් නිමා කර කඩිනමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථා විවර කිරීමේ අරමුණින් මේ වන විට අතපසු වූ අධ්‍යයන කටයුතු නිමා කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද එක වර කණ්ඩායම් දෙකක් අධ්‍යයන කටයුතුවල නිරත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

WhatsApp Group

Skip to content