අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබුනා.

ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි අපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග පාසල්වල උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි..

WhatsApp Group

Skip to content