2023 සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියරේ කටයුතු ආරම්භ කිරීමේ දිනය සංශෝධනය කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 06 වැනිදා සිට සිදු කිරීමට සැලසුම් කර තිබුණද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ලබන 08 වැනිදා සිට එම කටයුතු ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08 වැනිදා සිට ලබන 17 වැනිදා දක්වා දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 101කදී සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content