ජනාධිපතිවරණ කාල සීමාව තුළ සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය ප්‍රචාර පිළිබද අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ , විවිධ පුද්ගලයින් ඉලක්කර සිදුකරන අපහාස පිළිබද වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

ව්‍යාජ ගිණුම් ඔස්සේ සිදුකරන එවැනි පළකිරීම් මගින් මැතිවරණ නීතිය ද උල්ලංගනය වන බවයි ඔහු සදහන් කළේ.

එවැනි සිද්ධීන් පිළිබදව ලැබෙන පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද චාරුක දමුණුපොල මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content