ශ්‍රී ලංකාවෙ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර සුහද හමුවක් සිදුව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මෙම හමුව සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකා පොලිසිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය සහ පොලිස් නිලධාරීන්ගේ පුහුණුවීම් වැඩමුළු පැවැත්වීමට සහයෝගය ලබාදෙන බව මෙහිදී ස්විස් තානාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පවසා තිබෙනවා.

මානව හිමිකම් ආරක්ෂා කිරිමේ වැදගත්කම සහ සත්‍ය කොමිසම පිහිටුවීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද මෙහිදී තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවට ලක්වූ බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ සත්‍ය කොමිසම ඒ්කපාර්ශ්වික නොවිය යුතු බවයි.

 

WhatsApp Group

Skip to content