ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදි මානව අස්ථි කොටස් සහ සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කර තිබෙනවා.

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙ`ඵම් පොකුණ ශාලා පරිශ්‍රයේදියි මෙම භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කරනු ලැබුවේ.

ඒ අනුව මෙම අස්ථි කොටස් සම්බන්ධයෙන් ගැඹුරු හැදැරීමක් සිදු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කළේ.

WhatsApp Group

Skip to content