ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුතු ස්වාධීන කමිටුවක් පිහිටුවීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම යන මූලධර්ම ආරක්ෂා කිරීමට කැප වී සිටින බවයි.

මේ අනුව ස්වාධීන කමිටුව පිහිටුවීම සදහා පසුගියදා ගැසට් නිවේදනයක් මගින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද පුද්ගලයින්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content