ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ලබා දුන් අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඔහු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

78 හැවිරිදි මොහමදු ඉල්යාස් මහතාට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මිට දින දෙකකට පෙර රෝහල් ගත කර තිබුණා.
ඒ මහතා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කල අයෙක්.
මෙවර ජනාධිපතිවරණය සඳහා එන්නත් සිරින්ජය ලකුණෙන් ඔහු තරග කිරීමට නියමිතව සිටියා.

WhatsApp Group

Skip to content