මෙම වසරේ ගතවූ මාස 06ක කාලය තුළ ස්පාඤ්ඤයට මුහුදු මාර්ගයෙන් පැමිණීමට උත්සහ කළ පුද්ගලයන් 951 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම පිරිස අතර ළමුන් 49ක්ද ඇතුලත් බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් රටවල් 14ට අයත් බවද ඊයේ නිකුත් කළ නිල වාර්තාවට අනුව අනාවරණය වී තිබෙනවා.

මෙහිදී වැඩි වශයෙන් සරණාගතයන් ස්පාඤ්ඤයට මෙලෙස මුහුදු මාර්ගය ඔස්සේ ඇතුළු වීමට උත්සහ කර ඇති අතර, ඔවුන් පැමිණි බෝට්ටු 19ක් පසුගිය මාස 06 තුල අතුරුදන්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content